පනතට අනුව, අප අංශයේ කාර්යභාරයන් පහත දැක්වෙන පරිදි ය.
- අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් කෙරෙහි ගෞරවය ඇති කිරීම සහ ප්‍රචාරණය
- අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම
- අවස්ථානෝචිතව යෝග්‍ය ප්‍රතිපත්ති, තෝරා ගැනීම් සංශෝධන, නීති සම්පාදන සහ පිළිවෙත් සම්බන්ධයෙන් නිර්දේශ කිරීම
- අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් ප්‍රචාරණය කිරීමට හා ආරක්ෂා කර ගැනීමට අදාල ප්‍රමිතිගත සහ නිවැරදි පිළිවෙත් අධිකාරිය විසින් පවත්වාගෙන යන්නේ ද යන්න නිසැකව දැන ගැනීම සඳහා, විවිධ අධිකාරීන් විසින් පිළිගෙන දැනට පවත්වාගෙන යනු ලබන ප්රතිපත්තීන්, නීති, පිළිවෙත් සහ ක්‍රියාපටිපාටීන් නිරීක්ෂණය කිරීම සහ එම නිරීක්ෂණ මත පදනම්ව වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති, නීති සහ පිළිවෙත් පිලිගැනීමට, ඒවා සංශෝධනයට සහ යොදා ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශයන් ලබාදීම
- වයස, ස්ත්‍රී පුරුෂ බාවය, ආගම, භාෂාව, සංස්කෘතික විශ්වාසය සහ පිළිවෙත් ජාතිය හා සමාජ තත්ත්වය හෝ කිසියම් ආබාධයක්, කිසියම් දුබලතාවක් හෝ වෙනත් කිසියම් හේතුවක් මත හානියකට ලක්වූ හෝ හානියකට ලක්විය හැකියැයි සිතිය හැකි අපරාදයක වින්දිතයන් විශේෂ සහ ඔවුන්ගේ අවශ්‍යතාමත කටයුතු කිරීමට සම්බන්ධ පරිවාස සහ සමාජ සේවා සමග සම්බන්ධ රජයේ වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය සේවකයන්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරී ආදී වූ නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් සංවේදනය කිරීමට පියවර ගැනීම
- රජයේ වෛද්‍ය නිලධාරීන් සහ රජය විසින් පවත්වාගෙන යන සමාජ සේවා ආයතන, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය සහ නීතිය බලාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නිරතවන්නන්, රජයේ සේවකයන්, අධිකරණ, කොමිෂන් සභා හෝ වෙනත් ඕනෑම විනිශ්චය සභාවක් හෝ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් විශිෂ්ට පිළිවෙත් සහ හඳුනාගත් සම්මතයන් සහ නීති සංග්‍රහය යොදා ගැනීම සහ නිරීක්ෂණයන් ප්‍රචාරණය සහ තහවුරුකර ගැනීම
- අපරාධ අවම වන ආකාරයට
- අපරාධයක වින්දිතයන් සිදුවන බලපෑම් අවම වන ආකාරයට
- අපරාධයක වින්දිතයන්ට සාධනීය ප්‍රතිකාර යෙදිය හැකි, යතා තත්ත්වයට පත් කර ගත හැකි, අවවාද ලබා දිය හැකි, උපකාර කල හැකි, වන්දි ලබා දිය හැකි සහ ආරක්ෂා කල හැකි ආකාරයට
- අධිකරණ, ඕනෑම කොමිසමක් හෝ වෙනත් අධිකරණයක් ඉදිරියේ නිර්භයව සාක්ෂිදීමට හෝ නීතිය බලාත්මක කිරීමේ අධිකාරියක් ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට සාක්ෂිකරුවකුට හිතකර පරිසරයක් නිර්මාණය කළහැකි ආකාරයට
- අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සහ සහය සැපයිය හැකි ආකාරයෙන්
- පර්යේෂණ පැවැත්වීම ප්‍රචාරණය සහ පර්යේෂණ පැවැත්වීම
- යෝග්‍ය රජයන්ට පමණක් නිර්දේශ කල හැකිය