බස්නාහිර පලාතේ ජේය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, අධ්යක්ෂවරු සහ ස්ථානභාර නිලධාරි මහතුන් සදහා දැ
“යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම” යන තේමාව යටතේ මාර්තු මස 17 වන දින දවස පුරා කොළඹ දිසාවේ ජේය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී බස්නාහිර පලාතේ ජේය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, අධ්යක්ෂවරු සහ ස්ථානභාර නිලධාරි මහතුන් සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය කටයුතු සූදානම් කර ඇත. මෙහි සමාරම්භක උළෙල අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙදිනට එතූමාගේ ප්‍රධානත්වයෙන් අධිකාරිය සදහා නිර්මාණය කරන ලද අභිනව වෙබ් අඩවිය විවෘත කිරීම ද සිදු වනු ඇත. මෙම ඉහත තේමාව පදනම් කොටගෙන නීතී, අධිකරණ හා වෛද්‍ය ක්රෙෂ්ත්රයන්හි ප්‍රවීන දේශකයින්ගේ සම්පත් දායකත්වයෙන් තාක්ෂණික සැසි වාර සමාරම්භක උළෙලෙන් පසුව පැවැත්වීමට අධිකාරිය බලාපොරොත්තු වේ.
VIEW AGENDA