අප කුමක්ද කරන්නේ

මූල්‍ය කළමනාකරණය

මුදල් ලබා ගැනීම, මුදල් කළමනාකරණය හා ආයතනයේ වත්කම් මිලදී ගැනීම සඳහා වැය සැලසුම් කිරීම අධිකාරියේ මූල්‍ය අංශය විසින් සිදු කෙරේ.

මුල්‍ය අංශයේ කාර්යභාරය

  • ආයෝජන කළඹ පවත්වාගෙන යාම, ආයෝජන අවස්ථා, වැය සහ අරමුදල් ප්‍රභව, වෙනත් ප්‍රතිපාදන අවශ්‍යතා සහ අධිකාරියේ මුල්‍ය තත්ත්වය හඳුනා ගැනීම
  • අධිකාරියේ මාසික ප්‍රාග්ධන සහ පුනරාවර්තන අවශ්‍යතා පිළිබඳව මුදල් අමාත්‍යංශය සමග සබඳතා පවත්වාගෙන යාම
  • කළමනාකරණ මණ්ඩලයට සාරාංශ වාර්තා සැපයීම
  • ශේෂ පිරික්සුම සැකසීම, පරික්ෂා කිරීම සහ අනෙකුත් රජයට අදාළ මුල්‍ය වාර්තා පරික්ෂා කිරීම
  • අධිකාරියේ පාරිභෝගිකයන්, සැපයුම්කරුවන්, බාහිර උපදේශකයන්, විගණන නිලධාරීන්, බැංකුකරුවන් සහ ආයෝජකයන් සමග කටයුතු කිරීම
  • ඉහල කළමනාකරණ අංශයන් සමග සම්බන්ධ වී වාර්ෂික අයවැය වාර්තා සැපයීම සහ පුරෝකතනය
  • නව මුල්‍ය සහ කළමනාකරණ තොරතුරු පද්ධති සහ ක්‍රියා පටිපාටීන් නිර්මාණය, ක්‍රියාවට නැංවීම සහ දියුණු කිරීම
  • මුල්‍ය ප්‍රකාශන සැකසීම සහ ඉදිරිපත් කිරීම

අප අමතන්න

  • දුරකථන: +94(0)112 879 539 / +94(0)112 866 453
  • ෆැක්ස්: +94(0)112 879 540 / +94(0)112 866 453
  • napvcw.finance@gmail.com

අපගේ කාර්ය මණ්ඩලය

ජී. ඩී. ආර්. පෙරේරා මහත්මිය

අධ්‍යක්ෂ ( මුල්‍ය )

+94710513135
Extension: 400
finance.dir@napvcw.gov.lk

ආර්. ඒ.ඩී.සී. දිෂානි මහත්මිය

සහකාර අධ්‍යක්ෂ ( මුල්‍ය )

+94711394492
Extension: 401
finance.ad@napvcw.gov.lk